ප්‍රතික්ෂේප වූ චීන පොහොර සිංගප්පුරුවේ සිට යළි මෙරටට බල පැමිණෙමින් තිබෙන අතර එම පොහොර රටට ඇතුළු වීම වැලැක්වීමට රජය පියවර ගන්නේද යන්න පිළිබඳ සමඟි ජන බලවේගය ප්‍රශ්න කර සිටියි.

අද (14) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසුවේ.

එම පොහොර සාම්පල ප්‍රතික්ෂේප කිරීම ගැන පහුගිය කාලයේ චීන තානාපති කාර්යාලයෙන් විවිධ බලපෑම් පැමිණි නමුත් එම පොහොර විෂ සහිත බවට ප්‍රකාශ කිරීමට තරම් අපේ නිලධාරීන්ට කොන්දක් තිබූ අතර ඔවුන් තවදුරටත් එම ස්ථාවරයේ පසුවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා රසායනික පොහොර හා කාබනික පොහොර ගැන ද කිසිදු දැනුමක් නැති පුද්ගලයෙක් බවද මන්ත්‍රීවරයා කියාසිටින ලදී.