කිසිදු ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනතාවට තිබෙන බිය නිසා ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් සභා මැතිවරණ මගහැර තිබෙන පසුබිමක ඔහු පාර්ලිමේන්තුවක් ගැන සිතීම විහිළු සහගත කරුණක් බව හේෂා මන්ත්‍රීවරයා පවසනවා.

ජනතා විසින් පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂගේ ටෙම්පරිය අදිමින් සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට මැතිවරණ පැවැත්වීම කෙරෙහි කිසිදු බලයක් නොමැති බව අවධාරණය කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ පැවැත්වීමේ පුර්ණ අයිතිය තිබෙන්නේ මැතිවරණ කොමිසමට පමණක් බවත් එය මේ රටේ ව්‍යවස්ථාපිත කරුණක් බවත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිබාහිරව වැඩකිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්‍ ය.