මේ වන විට මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී තිබෙන අවස්ථාවකදී, නාම යෝජනා භාර දීම සිදු කොට ඇති පළාත් පාලන ආයතතන ප්‍රධානීන් නිල වාහන සහ සභාව සතු අනෙකුත් සම්පත් තව දුරටත් පරිහරණය කරමින් කටයුතු කරන බව සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය පහත දැක්වේ.
2023.01.24
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.
පළාත් පාලන ආයතන ප්‍රධානීන් විසින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම.
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දී ඇති අවස්ථාවකදී, නාම යෝජනා භාර දීම සිදු කොට ඇති පළාත් පාලන ආයතතන ප්‍රධානීන් නිල වාහන සහ සභාව සතු අනෙකුත් සම්පත් තව දුරටත් පරිහරණය කරමින් කටුයුතු කරන බව අප විසින් නිරීක්ෂණයට ලක් කොට තිබේ.
මෙය මැතිවරණ නීතියට අනුකූල නොවන්නක් මෙන්ම අනෙකුත් අපේක්ෂකයින්ට සිදු කරනු ලබන බලවත් අගතියක්ද වන බැවින් මෙය නවතා ලීමට නොපමාව අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමි.
රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.)
මහ ලේකම්
සමගි ජන බලවේගය.
පිටපත් – 01. මැතිවරණ කොමසාරිස් ජනරාල් – මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය
02. සියලුම තේරීම් භාර නිලධාරීන්