පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස්වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.

ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු මේ වන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වෙනවා.

balavegaya 452502685 1277966216498264 6432332930735367018 n 746x1024 1