අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් බල කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවටයි.

ඒ අනුව පක්ෂ නායකයන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.