මෙම වසර තුල අත්තනෝමතික ලෙස තෙවැනි වතාවටත් වැඩිකළ විදුලි බිලට එරෙහිව සියලුම විදුළි සේවකයින් අද (01) කොලඹට කැදවා විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ලංකා විදුළි සේවක සංගමය විසින් මේ බව සමස්ත සේවකයින්ට දැනුම් දීමෙන් පසුවයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සදහන් කරන ලද පරිදි විදුළිබල මණ්ඩලය විකිණීම ඇතුළු ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ සහ තවත් තීරණ කීපයකට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සදහන් වන්නේ.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ලබා ලබද්දී, මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිපාදන වලට අනුව වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල ඉහල දැමීමට අවසර තිබියදී හදිසි ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම වසර තුල තුන්වන වතාවටත් ඉහල දමන ලද විදුලි බිලට එරෙහිව රට පුරා විවිධ විරෝධතා පැවති අතර ඊයේ දිනයේදී දෙහිවල, බෙන්තර, ඇල්පිටිය, කරන්දෙනිය, උරගස්මංහන්දිය, කොළඹ කොටහේන යන අධි නගර වල සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර තිබූ විරෝධතා දක්නට ලැබුනා.