රට මහා ආර්ථික අගාධයකට වැටී ඇති මොහොතක, ජීවන බර උසුලාගත නොහැකිව ජනතාව පීඩාවට පත්ව ඇති මොහොතක නෙලුම් කුලුන නරඹා කිසිවකුට හෝ සතුටු විය හැකි මානසිකත්වයක් නැතැයි සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ, අධික පොළියට චීනයෙන් ලබාගත් ණය මුදල්වලින් ඉදිකළ නෙළුම් කුළුණ පාමුල ඇති පැල්පත්වල වෙසෙන ජනතාව එදා වේල සොයාගත නොහැකිව අන්ත අසරණවී ඇති බවයි.