හමිබන්තොට කැලියපුර 4 කනුව අසරණ අඩු අදායම් ලාභී පවුලක් සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස ආධාරයක් ලබා දී තිබෙනවා.

එම පවුලට නිවසක් තනාගැනීම සදහා පසුගියදා විපක්ෂ නායකවරයා රු ලක්ෂ 5ක ආදරයක් ලබා දී තිබෙන අතර එම පවුල අද (26) දින එම නිවසේ පදිංචියට ගොස් තිබෙනවා.

මෙම පවුලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ද ජිවත් වෙන අතර ජිවත් වීමට හරි හමන් නිවසක් පවා නොමැතිව මෙම දරුවා සමග මීට පෙර ඔවුන් ඉතා අසීරු තත්වයක සිටි බවයි එම ප්‍රදේශ වාසීන් පවසන්නේ.