රන්ජන් රාමනායක මහතා සිරගත කළේ අදහස් ප්‍රකාශ කිරිමේදී අධිකරණයට අපහස කළා යැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ මගින් සිරගත කළ බවත් මෙය දේශපාලන වශයෙන් සිරගත කිරිමක් ලෙසයි සමගි ජන බලවේගයේ ජතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සඅත්තනායක මහතා පවසන්නේ.

ඔහු කියා සිටියේ අධිකරණයට අපහාස කළා යැයි චෝදනාව මත වසර 4ක් දක්වා සිරගත කිරිමට හෝ දඩුවම් ලබා දිමට නිතීයේ නැති බවයි .

රන්ජන් රාමනායක මහතා සිරගත කළ වසර 2ක් ගත විමට නියමිත බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිඛිත හා වාචික ඉල්ලා සිටිය බවත් එ සදහා ජනාධිපතිවරයා අවස්ථාව ලබා දෙනවායි පැවසූවත් මෙතෙක් එය ඉටු කරේ නැති බවයි .

මහජනතාව නගන හඩ පෙන්විම සදහා මහජන පෙත්සමක් අත්සන් කිරිමෙන් ජනාධිපතිතුමාගේ හා ආණ්ඩුවේ අවධානය යොමු කර ගැනිමට බලාපොරොත්තුවෙන් මෙය සිදු කරන බවයි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ .

මෙම මහජන පෙත්සම අත්සන් කිරිම සංවිධාන කරනු ලබන්නේ සමගි තරුණ බලවේගය මගින් වන අතර අත්සන් දස ලක්ෂයක් ලබා ගැනිමට නියමිතයි .