ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ මුලික වගකිම වන්නේ ජනතාවගේ මුලික අවශ්‍යතා වන ආහාර , ඇදුම් පැළදුම් , නිවාස හා  ජිවනෝපාය ඉහල නැංවීම බවයි සමගි ජන බලවේගයේ ජතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසන්නේ .

දැන් කියනවා පරිප්පු , හාල් මිල අඩු කරන්න නෙමෙයි තමන් පත් කළේ බව කියන ජනාධිපතිතුමාගෙන් තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කරන්නේ ජනාධිපතිවරණයෙන් පසු පරිප්පු , සැමන් මිල අඩු කළේ මහමැතිවරණය ඉලක්ක කර ගෙන නෙමේ ද? යන්නයි .

මේ වගේ ප්‍රශ්න එනවිට නිදහසට කරුණු කියන නායකයෙක් අවශ්‍ය නොවන බවත් එසේනම් හාල් පරිප්පු මිල අඩු කරන්නේ කවුරුන් විසින් ද? කුමන බලධාරීන් විසින් ද ? යන්න තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවෙන්  ප්‍රශ්න කරයි .

දැන් හාල් , කිරිපිටි ,ගෑස් මිල පාලනය කරන්නේ ව්‍යාපරිකයන් බවත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට පාලනය කරන්නේ  ජනතාවගෙන් පත් වු ජනාධිපති හෝ ජනතාව පත් කර ආණ්ඩුවක් නෙමෙයි කියන මටටමට ආණ්ඩුව ඇද වැටි බව තිස්ස අත්තනායක මහතා පවසයි .

”ඇමතිවරුන්ටත් බලයක් නැත්නම්,ආණ්ඩුවටත් බලයක් නැත්නම්,ජනාධිපතිටත් බලයක් නැත්නම් මෙහි බලධාරියෝ වෙන කවුරුවත් නෙවෙයි ව්‍යාපරික මාෆියාවක් බවට පත්වෙලා තිබෙනවා.

සහල් මිල පාලනය සම්බන්ධයෙන් කොපමණ නීති දැඩි කළත් හාල් මිල නියම කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව වන අතර ගෑස් මිල නියම කළේ ලාෆ් සමාගම බවත් කිරිපිටි මිල නියම කළේ එම ආනයනික සමාගම් වන බවත් ඉන්දියානු තෙල් සමාගමද හිතුවක්කාරී ලෙස තෙල් ඉන්ධන මිල ඉහළ දැමූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය පාලනය කිරීමේ වගකීම ඇත්තේ කා සතුවද යන ප්‍රශ්නය මතුව තිබෙන බවයි අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දිය.