උදා වන නව වසර අහාර හිගයක් දරිද්‍රතාවයක් ඇති වීමෙන් සුභ වසරක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි .

එතුමා මේ බව කියා සිටියේ අද (20) සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්‍යාලයේ දීය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ඊයේ ඇමති කෙනෙක් කිව්වා තෙල් සහනාධාර මිලට දෙන්න කූපන් එකක් දෙන්න ඕන කියලා .ආයේ අපි අරින්නේ පෝලිම් යුගයකට ඒකයි ඇත්ත .තෙල් භාවිතය අඩු කරන්න තෙල් මිල වැඩි කරනවා ඊට පස්සේ කූපන් දෙනවා කියන එක තමයි ඒ කියන්නේ. එම නිසා පැහැදිලිව අපි කියනවා අපිට හෙට අනිද්දා හිඟා නොකා හිඟා කන තත්ත්වයකට වැටෙන බව.අනාවැකියක් කියන්නම් මේ වෙනකොට අපිට කියන්න බෑ එලඹෙන වසර සුභ නව වසරක් වේවා කියලා. ඒකට හේතුව මේ රටේ විශාල ආහාර හිඟයකට දරිද්‍රතාවයක් රට තුළ ඇති වෙන එක වළක්වන්න බැහැ. අපේ රටේ මිනිස්සුන්ව බඩගින්නේ තියෙන ආණ්ඩුවක් කියලා මේ රටේ ඉතිහාසගත වෙන බව මේ අවස්ථාවේ කියනවා.”