රටේ මැතිවරණ පිළිබඳව වගකුවයුත්තන් මුලින් පවත්වන මැතිවරණ පිළිබඳව යම් යම් මත ප්‍රකාශ කර තිබුනත් මුලින් පවත්වන මැතිවරණය කුමක්ද යන්න පිළිබඳව සමාජයේ කුතුහලයක් මතුව තිබෙන්නේ, කියන දේ කරන සංස්කෘතියක් අප රට තුල නොමැති අතර තමන්ගේ වාසියට ඒවායෙන් බැහැර වීමේ සංස්කෘතියක් අප දේශපාලන ව්‍යූහය තුල දක්නට තිබෙන බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබෙනවා.

කිසිඳු ජන වරමක් නොමැති වත්මන් ආණ්ඩුව ලහි ලහියේ පනත් ඉදිරිපත් කරමින් සිටින අතර ඒ අතර තිබෙන ආර්ථික පරිවර්තන පිළිබඳ පනත හරහා, කිසිම වරමක් නැති රජයක ආර්ථික ප්‍රතිපත්තිය අනාගත පාර්ලිමේන්තු වලටත් පිළිපැදීමට බලකරන නීති සම්පාදනය කරීමේ අත්තනෝමතික වැඩපිළිවෙලක වත්මන් රජය වේ වන විට නිරත වෙනිම් සිටින බවයි ජී එල් පීරිස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටින්නේ.

ජනතා වරමින් මෙරට ස්ථාපිත කරන පාර්ලිමේන්තුවකට ජනතාවකට හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට නිදහස තිබෙන බවයි වැඩිදුරටත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.