විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තු ධීවර උපදේශක කාරක සභාවට සහභාගී වූ අතර එහිදී පොදුවේ රටටත් ධීවර ජනතාවටත් බලපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ ඛේදවාචකය හේතුකොටගෙන සිදු වූ හානිය පිළිබඳව ගණනය කළේ කෙසේදැයි එහිදී විපක්ෂ නායකතුමා විසින් අදාළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර විශේෂයෙන්ම මත්ස්‍ය අස්වැන්න සම්බන්ධයෙන් සිදුව ඇති හානිය පිළිබඳව ද එහිදී විමසනු ලැබීය.