මාර්තු 15 මේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ දුක් ගැනවිලි පෙන්වා ආණ්ඩුව ගෙදර යවන්න සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා රටේ ජනතාවට කොළඹට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ආරාධනා කළේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“මම කියනවා කිසිම දේකට බයවෙන්න එපා කියලා විශේෂයෙන් ධීවර ජනතාව ප්‍රමුඛසියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා . මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න සියලු ජන කොටස් වලට පැමිණෙන ලෙස ඉල්ලනවා

අද මේ ආණ්ඩුව වසර දෙකක් තිස්සේ ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ඇතුළු පවුල් සමාගම මේ ආණ්ඩුව අවුරුදු දෙක තුළ රට විනාශයට පත් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා. රටේ ජනතාව අඳුරේ තියලා. මිනිස්සුන්ට කන්න බොන්න බැරි තත්ත්වයක් උදා කරලා. ඒ ඊට ප්‍රධාන හේතුව බලශක්තිය අර්බුදයක් මේ රටේ නිර්මාණය කරා එය මේ රටේ ඇති වුණ විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඉන්ධන නැති නිසා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නැහැ ඩොලර් නැති වීමට ප්‍රධාන හේතුව පහුගිය කාලයේ විශාල ණය ගෙවා රටේ තිබුණු ඩොලර් නැති කළා එසේ ණය ගෙවන්න කලින් අපේ පක්ෂයේ විද්වතුන් රජයට කිව්වා මේ ණය ගෙවන්න එපා ප්‍රතිව්යුහගත කරන්න කියලා .ඒවා අහන්නේ නැතුව ණය ගෙවපු නිසා අද තෙල් ගන්න ඩොලර් නැති නිසා හිඟාකනවා ඒ වගේම තෙල් ,බෙහෙත් නෑ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසි දෙයක් නෑ අද මේ රට හිඟා කමින් තියෙනවා මේක තමයි ඇත්ත එම නිසා ජනතාවට වන්දි ගෙවන්න සිදු වෙලා” යැයි දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්‍යලයේ දී පැවසීය.