වර්තමානය තුළ දේශපාලන වශයෙන් නිවැරදි ස්ථානයක සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය දකින බවත් විපක්ෂ නායකතුමාගේ සහ සමගි ජන බලවේගයේ මැද මාවත ගමන තුළ ජනතාව ශක්තිමත් කරමින් ගම හා නගරය ශක්තිමත් කිරීමේ ගමනට තම උපරිම සහයෝගය ලබා දෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (4) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේග සන්ධානයට එක්වූ අවස්ථාවේදීය.

හොරකම සහ වංචාවෙන් තොරව නිවැරදි නායකත්වයක් රටට අවශ්‍ය මේ මොහොතේ මෙවැනි නිවැරදි සත්‍යගරුක පක්ෂයක් සමඟ සම්බන්ධ වීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ මහතා එහි දී පැවසීය.