“දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර, ජනතාවාදී රජයක් ගොඩ නැගීම වෙනුවෙන් පෙළ ගැසෙමු” යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටේ සමස්ත ජනතාව වෙත හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා මෙම නිවේදනය මගින් සමස්ත සමාජයට අවධාරණය කරමින් කියා සිටින්නේ ඊනියා රැල්ලක් විසින් අපරිණත ජනාධිපතිවරයෙකු පත්කර රට බංකොලොත් තත්වයකට අද දමා ඇති පසුබිමක මේ වන විටත් ජනබලය අහිමි සෙවනැලි ආණ්ඩුවක් විසින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හකුලුවලමින් අත්තනෝමතික පාලනයක් ගෙන යමින් තිබෙන බවත් මෙම පාලන තන්ත්‍රය හමුවේ සමස්ත ජනයා ඉතාමත් පීඩාකාරී තත්වයකට පත්ව ඇති බවත්ය.

මේ වන විට අප මැතිවරණ වසරකට පැමිණ ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා සමස්ත ජනතාව වෙත කියා සිටින්නේ මෙවරත් ඊනියා රැලි වලට නොරැවටී මේ රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීම අප සැමගේ අත් හැරිය නොහැකි වගකීමක් බවයි.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනතාවාදී රජයක් _ගොඩ නැගීම වෙනුවෙන් පෙළ ගැසෙමු.