පසුගියදා ආණ්ඩුව බදුපිට බදු ගැහුවා. සෘජුව සහ වක්‍රව ඒ බදු සමාජ මාධ්‍ය වලටත් අදාලයි. ඒ අනුව දුරකථන ආශ්‍රිතව දැවැන්ත බද්දක් හදුන්වා දී තියෙනවා. මේක සමාජ මාධ්‍ය නිහඩ කිරීමේ න්‍යායපත්‍රයක්.

මෙතෙක් අස්වනු හානියට වන්දි නොදුන් ආණ්ඩුව ජනතාවට වගා කරන්න යැයි කියන බවත්, දෙවසරක කාබනික මිත්‍යාවක යෙදී කෘෂිකර්මාන්තය විනාශ කළ අයම දැන් වගා කරන්න කීම විහිලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති මන්දිරයට, පාර්ලිමේන්තුවට, මැති ඇමති නිවෙස්වලට කිසිවක් හිග නොවන බවත් කී විපක්ෂ නායකතුමා, එහෙත් ජනතාවට ඒ ප්‍රශ්න ඇති බවද පැවසීය.

සමගි ජනබලවේගය ආහාර සුරක්ෂිත බව වෙනුවෙන් වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව කී විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් සමාරම්භක කාර්‍යය හෙට ආරම්භ කරන බවද කීය. 

දෙවසරක රාජපක්ෂ ශාපයේ ඛේදවාචකය නිර්මාණය වී ඇති බව කී විපක්ෂ නායකතුමා අද ගැබිනි මව්වරුන්ට, දරුවන්ට බරපතල පෝෂණ ගැටලුවක් නිර්මාණය වී ඇති බවද කීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී අද (05) පැවැති කළුතර දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවකදී ය.