ඊයේ නුගේගොඩ දී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ රැස්වීමකදී එහි නායක අනුර දිසානායක ඉල්ලා සිටියේ වහාම මැතිවරණයක් පවත්වන ලෙස ය.

මැතිවරණයකින් තොරව මේ අර්බුදය විසඳා ගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම මැතිවරණයක අවශ්‍යතාවය අවධාරණය කළේය.

එහෙත් එවර අනුර දිසානායක පවසා සිටියේ “සජිත් වහාම ඔළුව පරික්ෂා කර ගත යුතුයි” කියාය.

එහෙම ප්‍රකාශ කළ අනුර දිසානායක ම දැන් මැතිවරණයක් ඉල්ලා සිටීම පිළිබඳව ඇත්තේ පුදුමයකි.

“දැන් මොලේ පරික්ෂා කළ යුත්තේ කාගේ දැයි කියා අනුර කිවයුතු යැයි” සමගි ජන බලවේගයේ. ප්‍රකාශකයෙක් පැවසීය.