විපක්ෂය සතුව පවතින්නේ ආසන 60ට වැඩි ප්‍රමාණයක් බවත් ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙකකට ආසන්න බලයක් දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහෙත් රට ගොඩනැගීම සහ අරගලය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් තිරසාර ලෙස පෙනී සිටින බව සහ කැපවෙන බව විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ උද්ගතව පවත්නා අර්බුදය සහ ඊට විසදුම් සෙවීම අරමුණු කොටගනිමින් ජනතා බලය ක්‍රියාකාරීන් පිරිසක් අද (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීය. මේ මොහොතේ විපක්ෂය ලෙසත් සමගි ජන බලවේගය ලෙසත් ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබදව විපක්ෂ නායකතුමා එහිදී විස්තරාත්මකව අදහස් දැක්වීය.