කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ නුවර මහා මාර්ගය ඉදිකරන විට කපිතාන් ඩෝසන් මහතා විසින් ඉදි කරන ලද ඩෝසන් මෙම බංගලාව විකුණා දැමීමට රජයේ සුදානමක් තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසන්නේ.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මෙම ස්ථානය දැනට මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ඓතිහාසික ස්ථානයක් බවයි.

ඩෝසන් බංගලාවේ සේවකයන් සමඟද සාකච්ඡාවක් නොකොට එය විකුණන්නට යන බවට එහි සේවකයන් පැමිණිලි කර තිබෙන්නේ යැයි කී කබීර් හෂීම් මහතා එම බංගලාව කෞතුකාගාරයක් සේ රැකගත යුතු ස්ථානයක් යැයි සඳහන් කළේය.