ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා කතානායකවරයාට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉල්ලා අස්වුණා.

‍කෝප් කමිටුවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීම හේතුවෙන් මේ වන විට එම කමිටුව තුළ දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.