සුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එසේ වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගහන බවත් කොපමණ ජල විදුලිය නිපදුවත් මාස 3න් 3ට විදුලි බිල වෙනස් කරන බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම ජනාධිපති කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම බවත් බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් රටේ සිදු වන්නේ වැඩි වීම හා විකිණිම බවත් ඒ තුළින් අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
තවද 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නොවූ ලෙස වත්මන් විපක්ෂ විසින් ජනතාවට සේවය කරමින් සිටින බවත් තමා ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතා සේවකයකු හා මේ රටේ තාවකාලික බාරකරුවක පමණක් බවත් එම නිසා සෑම විටම ජනතාවට සේවය කිරීමට කැපවි සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගමනට ශක්තියක් වන සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය අද (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.