සමගි ජන බලවේගයේ මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා අද උදැසන දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය නිරික්ෂණය කළේය .
මෙම දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයක් මත යහපාලන ආණ්ඩුවේන් ඉදිකිරීමට ඇරඹුණා.
එහි වත්මන් තත්ත්වය සොයා බැලීමට අද උදැසන ගිය මන්ත්රීවරයා පවසා සිටියේ
“බැසිල් ඇමතිතුමා ජොගින් ට්රැක් හදන්න කලින් දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩඉවර කරන්න.
අපි ආරම්භ කරපු ශ්රී ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් අපේ ආණ්ඩුව පරාජය වීම නිසා ඉවර කරගන්න බැරිවුණා.
ඒ නිසාම, මෙරට ගොවි ජනතාව වෙනුවෙන් මෙහි වැඩ ඉවර කරවා ගන්න මම අප්රමාණ වෙහෙසක් ගත්තා. අද ඉවර කරනවා, හෙට ඉවර කරනවා කිය කිය ඉන්න මේ ආණ්ඩුවට අද වෙනකං මේකේ වැඩ ඉවර කරන්න වුවමනාවක් නෑ. මේකට ගෙනාපු පැනල් වරායේ හිරවෙලාලු.
නිදහස් කරගන්න මුදල් නැතිලු. හැබැයි, ජොගින් ට්රැක් හදන්න සල්ලි තියනවා. ගොවියන්ගේ අස්වැන්න කල් තියාගන්න හදපු කෘෂි ගබඩාව හදන්න සල්ලි නෑ. ඉතිං, අපි කොහොමද මේ රටේ කෘෂි කර්මාන්තය නංවන්නේ”