කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන මුලුමහත් ශ්‍රී ලංකාවම බලවත් පීඩාවකට පත්ව සිටින අවස්ථාවේ අපේම ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකවම කිසියම් මෙහෙවරක් කළ යුතුයැයි යන අදිටන පෙරදැරි කරගෙන සමගි ජන බලවේගය විසින් “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 33වන පියවර ලෙස රුපියල් විසිලක්ෂ දාසයදහසක් (රු. 2,016,000) වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබේ.

දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණය ද සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්,

Infusion Pump යන්ත්‍ර 4ක් (105,000 x 4 = 420,000)
Syringe Pump යන්ත්‍ර 4ක් (104,000 x 4 = 416,000)
Multipara Monitor යන්ත්‍ර 4ක් (295,000 x 4 = 1,180,000)
එකතුව 2,016,000 යන උපකරණ පරිත්‍යාග කරනු ලැබේ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මීට පෙර සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනේ අදියර 32ක් තුල රු 97,234,000ක (ලක්ෂ 972ක) පරිත්‍යාග සිදුකොට තිබේ.