සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සංහිඳියාව, සහෝරත්වය, මිත්‍රශීලීත්වය එකමුතුභාවය බවත් ජාති, ආගම් භේද පසෙකලා ශ්‍රීලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යා යුතු බවත් ජනතාවක් ලෙස එක මවකගේ දූදරුවන් ලෙස ඉදිරියට යාමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මන්නාරම කරුන්දකන්ඩාල් රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 316 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

විදේශ යාත්‍ර මෙරටට පැමිණ අපේ මත්ස්‍ය සම්පත සොරා ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වී තිරසර විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සහෝරත්වය සංහිඳියාව රටේ දියුණුවට අත්‍යාවශ්‍ය බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ලෙස ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං⁣ශෝධනයට දේ්ශපාලනික ප්‍රජාතන්ත්‍රවාදී සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට තවදුරටත් ශක්තියක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙය උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් රටේම ජනතාවට බලපාන බවත් පළාත් සභා පිහිටුවනවා සේම 13 වැනි සංශෝධනය ගැන කතා කරනවා සේම ඒ නියමිත බලතල සමග සංවර්ධන වැඩකටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රජය බොරුවට 13 වැනි සංශෝධනය ගැන කතා කළත් එය අර්ථවත් කිරීමට ලබා දුන් බලතල හරහා සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න හිටපු රජයන් අසමත් වුවත් එම වරද නිවැරදි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 316ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3496ක් වැය කර තිබේ.