අද රටේ ඇතිවෙලා තියන තත්වය දිහා බැලුවම ජාත්‍යන්තරයෙත් අපේ රටේ ආර්ථික අර්බුදය සම්බ න්ධයෙන් කතා කරන බව අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.


ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා.

අද රටේ ඇතිවෙලා තියන තත්වය දිහා බැලුවම ජාත්‍යන්තරයෙත් අපේ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා කරනවා .පසුගියදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්තුමිය ගේ ප්‍රකාශය දිහා බැලුවම මේ තත්ත්වය පැහැදිලි වෙනවා.මෙතෙක් අපිට මානව හිමිකම් කොමිසමේ චෝදනා හෝ කාරණා සාකච්ඡා වුණේ රටේ පැවැති යුද්ධය සම්බන්ධව ඒ ඇතිවුණ තත්ත්වයන් ගැන.හැබැයි අද ඊට අමතරව මේ රටේ ආර්ථිකයට ඇතිවෙලා තිබෙන ආර්ථික ව්‍යසනයත් රටේ ජීවත්වෙන ලක්ෂ 222ක් ජනතාවට බලපාන දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයත් හරි ආහාර වේලක් ගන්න බැරි තැනකට පත් කරලා තියෙන මේ ආර්ථික ව්‍යසනයේ වගකිවයුත්තන් නම් කරමින් ඒ අයට දඬුවම් දිය යුතුයි කියන තැනට මානව හිමිකම් කොමිසමේ අලුත් පිටුවක් පෙරලා තිබෙනවා.

එහිදී බලන්න අද වර්තමාන ජනාධිපතිවරයා මේ වෙනකොට ඇමති මණ්ඩලයට රාජ්‍ය ඇමැතිවරු 38 පත් කරලා. කැබිනට් එකේත් ඇමතිවරු ප්‍රමාණයක් ඉන්නවා තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කරන බව ආරංචියි.අපි අහනව මෙවැනි ආර්ථික ව්‍යසනයක් තියෙන වෙලාවක රටේ ජනතාවට ඇතුළු පාසල් දරුවන්ට නිසි ආහාර වේලක් නැති මොහොතක ඒ වගේම 20%ක් පාසල් දරුවන් උදය ආහාර නැතුව පාසල් එන බව විදුහල්පති වරුන්ගේ සංගමය කියන මොහොතක මේ රටේ මන්දපෝෂණය ලෝකයේ ඉහළම අංශයට ගිහින් තියෙන අවස්ථාවේ ඇමතිවරු පත් කිරීම සාධාරණ ද?. ඒ නිසා තමයි මානව හිමිකම් කොමිසම කියන්නේ මේ රටේ ආර්ථිකය ඒ තැනට ගෙනාපු වගකිවයුත්තන්ට දඬුවම් කරන්න ඕන කියලා .එහිදී වර්තමාන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මොනවද කරන්නේ. විශේෂයෙන්ම මෙය ආර්ථිකය අද තියෙන තැනට ගේන්න කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය සහ මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරපු බැසිල් රාජපක්ෂ වැනි අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා විපක්ෂය ඇතුළු මහබැංකු විශේෂඥයින් දිගින් දිගටම වසර එකහමාරකට කලින් කිව්වා. ඒ වගේම ණය ප්‍රතිව්යුහගත කරගත යුතුයි කියලා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදිහට අපි දිගින් දිගටම කිව්වා. තවදුරටත් මහ බැංකුවේ ආර්ථික විශේෂඥයන් එක පාරක් නෙමෙයි හතර පස් වතාවක් මුදල් අමාත්‍යවරයාට ජනාධිපතිවරයාට මේ කරුණු හෙළි දක්වලා තිබෙනවා එහෙම තිබියදී තමයි හිතාමතා ආර්ථිකය කඩා වැටීමට අවශ්‍ය පියවරත් අද තියෙන තත්වය ඇති කිරීමට හිතාමතා මේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය කටයුතු කරලා තියෙන්නේ ඒ වගේම පැහැදිලියි හිටපු මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ අපි පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදිහට මේ කරුණු ඉදිරිපත් කරන්න කියද්දී පාර්ලිමේන්තුවට මාස තුනකින් කිසිම වාර්තාවක් ඉදිරිපත් කරේ නැහැ .පාර්ලිමේන්තුව තමයි මුදල් සම්බන්ධව තිබෙන මූලික ස්ථානය නමුත් පාර්ලිමේන්තුවට කිසිම වාර්තාවක් මාස තුනකින් ඉදිරිපත් කරේ නැහැ .ඒ නිසා පැහැදිලියි මෙතන සම්පූර්ණ කුමන්ත්‍රණකාරීව රටේ ආර්ථිකය බිමදාලා ලක්ෂ විසි දෙකක් ජනතාවට ආර්ථික අහේනිය ඇති කරල තියෙන්නේ.

ආර්ථිකය විනාශ කරන්න මුල් වූ තවත් කණ්ඩායමක් ඉන්නවා එහි ප්‍රධානියෙක් තමයි කබ්බ්‍රාල් මහ බැංකුවේ හිටපු අධිපති වරයා ඒ වගේම පී බී ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම් සහ මීට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඒ වගේම මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකුවේ අධිපතිවරයා මේ කණ්ඩායම තමයි පැහැදිලිවම අද තියෙන මේ ආර්ථික තත්ත්වය ඇති කරන්න ප්‍රධාන ක්‍රියාකාරීන්. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට ලොකු ඇමති මණ්ඩලයක් පත් කරගෙන මේ රටේ ආර්ථිකය තවත් විනාශ කරමින් රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.ඇමතිවරු පඩිය ගන්නේ නැහැ කිව්වට අපි අහනවා ඇමතිවරයෙකුට හිමි වාහන දෙන්නේ නැද්ද අපි දන්නවා මේ මේවට කෑදර කමින් තමයි ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නැවත පත් වෙලා තියෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී පැහැදිලිව කියන්න ඕන දැන් ඔය පත් කරගෙන ඉන්න ඇමති මණ්ඩලය රාජ්‍ය ,කැබිනට් අය තමයි හැම එකටම එහෙයි කියපු අය. පොහොර තහනම් කරා එක රාත්‍රියක එහිදී ගෝඨාභය රාජපක්ෂ තීන්දුවක් ගන්න කොට ඒ පත්කරපු කැබිනට් එකම තමයි එදා අත උස්සලා සහාය දුන්නේ. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක සාධාරණීකරණය කරන්න කතා කරා එය නිවැරදි දැක්මක් කියලා කෘෂිකර්ම ඇමතිවරයා වූ මහින්දානන්ද එදා කතා කරා එහෙම නම් ජනාධිපතිවරයාට රාජපක්ෂ පවුලට ඕන විදිහට රූකඩ හැටියට එදා අත උස්සපු කණ්ඩායම තමයි අද රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් අරගලකරුවන් මේ රටේ සමස්ත ජනතාවගේන් 80% කට වැඩි පිරිසක් එපා කියපු අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවුණේ රටෙන් ජනාධිපති මන්දිරය ලගට ලක්ෂ ගණන් ජනතාව එදා ඇවිල්ලා මේ රටේම ගෙවල්වල ඉදපු අම්මලා අක්කලා නංගිලා ගේ තාත්තා එලවන්න ඕන කියන ප්‍රාර්ථනාව තමයි ඒ ආපු නිසා තමයි අරගලකරුවන් මේ රටේ ජනතාව ආපු නිසා තමයි එයාට රටෙන් පලා යන්න සිදුවුණේ. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ ඇමතිවරයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ අගමැතිකමෙන්. ඒ වගේම බැසිල් රාජපක්ෂට ඇමතිකමෙන් විතරක් නෙවෙයි මන්ත්‍රීකමනුත් ඉල්ලා අස්වෙන්න සිදුවුනා රාජපක්ෂ පවුලේ කැබිනට් ඇමතිවරු හිටිය පස්දෙනාටම ඉල්ලා අස්වෙන්න ඕනා දැන් මොකද්ද කරන්නේ මේ රටේ ජනතාව මේ අරගලය කියන්නේ කවුද රටේ ජනතාවයි එයින් 80%ක් එපා කියපු කණ්ඩායම තමයි මේ රට ආර්ථික අහේනිය එකට දාලා මුහුණ තහනම් කරලා ඉතිහාසයේ අපේ ⁣ගොවියාගේ වී ගොවිතැන විතරක් නෙවෙයි අපනයන බෝග තේ රබර් පොල් ඩොලර් ගෙන ඒවා සියල්ල විනාශ කරා ඒ විනාශය ප්‍රතිඵල තමයි දැන් අපිට ලැබිල තියෙන්නෙත් ඒ තත්ත්වය තුළ ඒ කණ්ඩායම තමයි නැවතත් ආයෙත් කරන්න යන්නේ ඒ නිසා ජනතාවගේ දැඩි විරෝධයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද රාජපක්ෂ පවුලේ රූකඩයක් බවට පත් වෙලා ඒ නිසා අපි කියනවා අද අපේ රටට මේ තියෙන තත්ත්වය තුළ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පවා ඉල්ලීම් කරන්නේ මේ ආර්ථික විනාශ කරපු කණ්ඩායමට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අද රටේ හැම කෙනෙක්ම මුහුණ දීලා තියෙන තත්ත්වය හා රටේ දරුවන්ට මන්දපෝෂණය කරා ගෙනියන තත්ත්වය ඇති කරපු අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න එක තමයි රටේ සමස්ත ජනතාවගේ වැඩි කොටසක් කියන්නේ.

ඒ වගේම පසුගියදා රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දුන්නා ඒ ඇමතිකම් ගන්න පොදුජන සන්ධානයේ උදවියට ලැජ්ජ නැද්ද කියලා අපි අහනවා මේ රටේ ජීවත්වන ජනතාවට තමන්ගේ දරුවට තුන් වේලක් තියා එක වේලක් කන්න දෙන්න බැරුව දෙමව්පියෝ ලතැවෙන වෙලාවක අත්‍යවශ්‍ය බෙහෙත් නැතිව රෝහල්වල රෝගීන් මිය යන වෙලාවක පොදුජන පෙරමුණ සන්ධානයේ අයට ලැජ්ජ නැද්ද ඇමතිකම් වරප්‍රසාද ගන්න .මේ කරන්නේ වික්‍රමසිංහ මහත්තයට ඡන්දය ලබා දුන්න කියලා ජනාධිපතිවරයා ග්‍රහණයට හසුකරගෙන සිටින බවයි.රටේ ජනතාවට එපා වෙලා පලවාහැර පු ඒ කණ්ඩායම නැවත වතාවක් ඇමැතිකම් අරගෙන තමන්ගේ වරප්‍රසාද භුක්ති විඳින්න තමයි මේ ලෑස්ති වෙන්නේ.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට ඇමතිකම ලබා දීම ගැන ලජ්ජාවට පත් වෙන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකයෙක් මැතිවරණ ව්‍යාපාරයේ දී වෙඩි තැබීම් සිද්දියක් ඇතිවුණේ ඒහිදී එක්සත් ජාතික පාක්ෂිකයෙක් මියගියා ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ වෙලාවේ සහභාගි වෙන්න තිබුන රැස්වීමකදී තමයි ඒ සිද්ධිය ඇති වුණේ එම නිසා මේ තත්ත්වය ලැජ්ජා සහගතයි.

අපි සුභ පතනවා ක්‍රිකට් කණ්ඩායම ලබපු ජයග්‍රහණය ට ඒ වගේම නෙට්බෝල් කණ්ඩායම ලබපු ජයග්‍රහණය ට රටේ ප්‍රශ්න අභියෝග තිබුණත් ආසියානු කුසලානයක් අපි ජයග්‍රහණය කරනවා කියන්නේ මෙවැනි තත්ත්වයක් තුළ ඒ ක්‍රීඩිකා ක්‍රීඩාවන් රටේ ජනතාව වැටිලා තියන මානසිකත්වය ගොඩ ගන්න මුහුණට සිනහවක් දුන්න එක හොඳ අවස්ථාවක් හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න ඒක නිසාම නැති වෙන්න හේතුවක් නැහැ මොකද උදේ හවා තුන් වේලක් කන්න ඕනේ උදේ නැගිට්ටම ගෙදර ඉන්න අම්මට මැච් එක දිනුවා කියලා බඩ පිරෙන්නෙ නෑ ඒ නිසා මේ වෙලාවේ කවුරුහරි හිතනවා නම මේ තත්ත්වය තුළ රටේ ප්‍රශ්න අමතක වුණා කියලා විශ්වාස කරන්න බැහැ.