ජපාන තානාපති Mizukoshi Hideaki මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝ කාලීන සමීප සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරකින මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය