එමෙන්ම මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය වලංගු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ M.A. සුමන්තිරන් පවසනවා.

පොලිස් ආඥා පනත යටතේ හෝ පොදුජන ආරක්ෂණ ආඥා පනත යටතේ හෝ කිසිඳු නීතියක් යටතේ පොලිස් ඇඳිරිනීතිය කියා දෙයක් නොමැති බවත්, එම නිසා මෙම ඇඳිරිනීතිය පැනවීම වලංගු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හෙට (ජූලි 09) දිනයේ පැවැත්වෙන මහජන අරගලය ඉලක්ක කර ගනිමින් එය වැළැක්වීමට මෙ​ය පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට දිනයේ රටපුරා ජනයා කොළඹ ප්‍රදේශයට ගොස් අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටි අතර අද දිනයේ බස්නාහිර පළාතේ පළාතේ ප්‍රදේශ කිහිපයකට අදාළව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ නිවේදනය පහතින්,

balavegaya low