විවිධ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම විසින් විධිවිධාන ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.
ඒ, ජනාධිපතිවරණයක් සඳහා මුදල් වෙන්කර ඇති බවට මහා භාණ්ඩාගාරය කොමිසමට දැනුම්දීමෙන් අනතුරුවය.
මෙම අරමුදල් ජනාධිපතිවරණය සඳහා පමණක් වන අතර අවශ්‍යතාව මත අදියර වශයෙන් ලබාදෙන බවද දැනුම් දී ඇත.
වෙනත් කිසිදු මැතිවරණයක් සඳහා මුදල් ලබා දී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිලි කර ඇත.
මේ අනුව විවිධ අය තනි තනිව හෝ උනන්දුවක් දක්වන කණ්ඩායම් සමග වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා කළ කෑගැසීම දැන් මැකී ගොස් ඇත.