මැතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු දැමු නඩුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින පුද්ගලයින් පසුගිය කාලවකවානුවේදී සිදුකල විවිධ ප්‍රකාශ වල දිගුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මැතිවරණ කල්දැමීමට ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගත් එම උත්සාහයන් පරාජය කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ පැහැදිලිව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5ක් බව පැවසු අතර එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය නැවත වතාවක් තහවුරු වූ බව රහ්මන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පැවසු පරිදි ජනාධිපතිවරයාගේ කාලසීමාව පිළිබඳව කැබිනට් මණ්ඩලය ගත් යෝජනාව පිළිබඳව වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලයුතු බවයි.

ලෙනව නමැති පුද්ගලයෙකු මැතිවරණ කල්මදැමීම පිළිබඳව අධිකරණයට අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 5ක් ලෙස ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කල බවත් එම ප්‍රකාශය නිකුත් කිරීමෙන්  ජනාධිපතිවරයා වාසියක් ගැනීමට උත්සාහ කල බවත් එයින් ඔහු ඔරුව මොන පැත්තට ගොඩ උනත් ඒකෙන් වාසියක් ගැනීමට උත්සාක කල බවත් මුජිබර් රහ්මාන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව, පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුල ජනාධිපති විසින් අධිකරණය පිළිබඳවත්, විනිශ්‍යකරවරුන් පිළිබඳවත් කළ ප්‍රකාශන්, පාර්ලිමේන්තුව තුළ judicial cannibalism (මිනිමස් කෑම) යන වචන භාවිතා කිරීම පිළිබඳව අවධාරණය කරමින් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනාධිපතිවරයා කොවිඩ් වයිරසය ව්‍යාප්ත වූ කාලවකවානුවේ ආදානය භූමිදානය පිළිබඳව ඔහු මතිකදී කල කතාව මගින් මුස්ලිම් මරණ ආදානය කරමින් පාර්ලිමේන්තුව නොමග යවමින් පසුගිය ආණ්ඩුව කළ පාපකර්මය රනිල් වික්‍රමසිංහ විසින් සාධාරණීකරණය  ලැබූ බවයි.