මුදල් කාරක සභාවේ සභාපති ගැටලුව ඉස්මතු කරමින් විපක්ෂ නායක සජිත් කියයි

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා පත් කරන ලෙස සමගි ජන බලවේගය යෝජනා කළත් මේ වන විටත් එම කටයුතු සිදු නොවු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටේ විධායක ජනාධිපතිවරයා පවා එම පත් කිරීම කරන ලෙස පැවසුවත් තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පවා නොසලකා හරිමින් එම පත් කිරීම් මේ වන විටත් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ නියෝග පවා නොසලකා හරිමින් තාවකාලික සභාපතිවරයකු පත් කර ආණ්ඩුව නටනා මේ නාඩගම තේරුම් ගත නොහැකි බවත් එබැවින් වහාම මේ පත් කිරීම සිදු කල යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.