විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආණ්ඩුව ගෙන එන වැඩපිළිවෙල මැතිවරණ තියෙන වැඩසටහනක් නම් ඊට එකඟ වන බවත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ගේන වැඩපිළිවෙල මැතිවරණ කල් දාන්න ගෙන එන වැඩසටහනක් නම් ඊට එකඟවන්නේ නැති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අද(19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
මැතිවරණ ක්‍රියාවලියේ දූෂිත තැන් විසඳන වැඩපිළිවෙලට සහය ලබාදෙන බවත් නමුත් මැතිවරණ කල් දමන්න එය යොදාගන්නේනම් ඊට ඉඩ ලබානොදෙන බවද හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.
ජනාධිපතික්‍රමය වෙනස් කළ යුතුයි කියන මතයේ සමගි ජනබලවේගය සිටින බවත් නමුත් ජනාධිපතික්‍රමය වෙනස් කිරීමේ ආණ්ඩුවේ යෝජනාව තුළ තිබෙන්නේ මැතිවරණ කල් දැමීමට ගන්නා උත්සාහයක් බවත් ඒ් මහතා හෙතෙම පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් මෙසේ කීය සිටියේය.