ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරන බවත්, තමන්‍ට සහ තම නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදීත් අවධාරණය කරන්නේ ගොවිජනතාව ජීවත් කරවීම උදෙසාවන කරුණු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද (08) ආනමඩුව මහාඋස්වැව ප්‍රදේශයේ වී ගොවීන්ගේ ගැටලු විමසීමේ ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

කිසිවෙකු කිසි විටකත් දරදඬු තීන්දුවල නොසිටිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, අවශ්‍යතාවය පරිදි මෙන්ම ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අඩියක් පස්සට ගැනීමෙහි කිසිදු වරදක් නැතැයි ද පැවසීය. ක්ෂණිකව කාබනික පොහොරවලට සහමුළින්ම ගොවිතැන හුරු කරවීමේ හැකියාව අතිශය අවම බව පැවසූ විපක්ෂ නායකතුමා එය ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කළ යුත්තක් බව ද පැවසීය. නමුත් හිතුවක්කාරීව ගනු ලබන තීන්දුවල ප්‍රතිඵලය වාසනාවන්ත බව බව ද ඒ මහතා පැවැසීය.

balavegaya FB IMG 16336985880657145

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, සමගි ජන බලවේගයේ ආනමඩුව ආසන සංවිධායක ගාමිණී වඩිගමංගාව ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් රැසක්ම එක් ව සිටියහ.