දෙමළ ජාතික සන්ධානයේ උපදේශකවරයකු වන වේලන් සාමි නමැත්තා යාපනය පොලිසියේ ත්‍රස්ත මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත ඊයේ (18) රාත්‍රී නිදහස් කොට තිබේ.

වසර දෙකකට ඉහතදී මඩකළපුව පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව දක්වා විරෝධතා රැලියක් සංවිධාන කිරීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් වේලන් සාමිගෙන් පොලිස් ත්‍රස්ත මර්දන අංශය පැය හයකට වැඩි කාලයක් ප්‍රශ්න කොට තිබේ.

වේලන් සාමි වෙනුවෙන් නීතිඥවරු ලෙස දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හා යාපනය හිටපු නගරාධිපති එස්. මනිවන්නන් පෙනීසිටි අතර වේලන් සාමිට ඇප ලබාදීම සඳහා ඔහුව යාපනය මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවෙස වෙත ඉදිරිපත් කොට තිබිණි.