විපක්ෂයේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කළා.

ඒ අනුව විශ්වාසභංග යෝජනා දෙක කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ.

එකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අතර අනෙක රජයට එරෙහිව බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.