එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින්, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දැමීම සදහා ගෙනා යෝජනාව, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද හෙලා දැක තිබේ.

ගෝඨාභය රාජපක්ෂ බලය අත්හැර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත් කළ අවස්ථාවේ දී ම, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබුණු බව අවධාරණය කරන සුමන්තිරන් මහතා, මැතිවරණ කල් දැමීමට දරණ ඕනෑම උත්සාහයක්, යළිත් අරගලයකට අතවැනීමක් පමණක් වනු ඇති බවද පවසයි.

ඒ අනුව, මැතිවරණ කල් දැමීම සදහා කිසිදු ඉඩක් නොතබන බව මන්ත්‍රීවරයා දැඩිව අවධාරණය කරයි.