මෙම වසර තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බවයි ඔහු මෙහිදී සඳහන් කරන්නේ.

මැතිවරණ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අභිමත බලයක් තිබෙන මැතිවරණ කොමිෂන් සභාව මෙම වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝම්බර් 16ත් අතර දිනයකදී මැතිවරණ පවත්වන බවට ප්‍රකාශ කර තිබියදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර කියා සිටින්නේ මැතිවරණ නොපැවැත්වීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සහයෝගය ලබාදිය යුතු බවයි.

පසුගියදා මහා බාන්ඩාගාරය රජයේ මුද්‍රණාලය වෙත ද ජනාධිපති මැතිවරණය සඳහා මුදල් වෙන් කර තිබෙන බව ප්‍රකාශ කර තිබුණා.