චීන කුණු නාටකය – තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ශණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට අන්තරායකාරී ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය රැගත් මේ නැව ශ්‍රී ලංකා වරයට සේන්දු කරවීම සඳහා ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින චීන තානාපතිගේ අශිෂ්ඨ ක්‍රියාමාර්ගය අපි තරයේ හෙළා දකිමු!
ඒ වගේම ජනාධිපති ගෝඨාභය වහාම මෙවැනි ශ්‍රී ලංකා රාජ්‍යයේ කටයුතු වලට නීති විරෝධී හා රාජතාන්ත්‍රික මුක්තින් අභිබවා කටයුතු කරන මේ චීන තානාපති වරයාට එරෙහිව කටයුතු කල යුතුය.
අන්තරායකාරී ක්‍ෂුද්‍ර ජීවින් සහිත චීන කුණු තොගය රැගත් මේ නැව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා දුනහොත් ශ්‍රී ලංකාවේ පරිසර පද්දතියට පමණක් නොව සමස්ත දේශීය කෘෂි කර්මාන්තයම විනාශ වන බව මේ විෂය පිලිබඳ උගත් මහාචාර්යවරු හා වරියන් දැනටමත් පාලකයින්ට අනතුරු අඟවා ඇත.
එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශයේ රන් වැට නම් මේ විෂ සගිත චීන කුණු තොගය ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙන්නට ඉඩ ලබා නොදිය යුතුය. මේ ජාතික ව්‍යසනය වලක්වා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා දැන් එකාවන්ව පෙළ ගැසිය යුතුය
- – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –