රට තුල පාන්පිටි හිගවිම නිසා බේකරි ආශ්රිත නිෂ්පාදන අඩාල වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .
ඔහු මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යලයේ පැවති මාධ්‍ය හමුවේදීය .
වැඩි දුරටත් පැවසූ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා,
“වර්තමාන රජය සමස්ත ජනතාවම කබලෙන් ලිපට දමලා. මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙලා .එක පැත්තකින් බත් කන්න විදියක් නැහැ හේතුව නාඩු කිලෝ එකක් රුපියල් 170 ත් පැනලා .කිරිබත් කන්න කොහොමවත් බෑ කැකුළු හාල් ගණන් අනිත් පැත්තෙන් කිරිබත් කන්න බැහැ ලැජ්ජයි මුලින් පාපු කිරි මතක් වෙනවා. බත් නැත්තං වෙනදා පාන් කෑවා අද පාන් කන්න බෑ පිටි නෑ පිටි හිගයක් බේකරි ගණනාවක් මේ වන විට වහලා. බේකිරි වැහෙනකොට චුම් පාන් කරත්ත නතර වෙනවා .ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියනවා එතුමා ඒ දවස්වල කිව්වා ඇඹුල්දෙණිය හන්දියෙන් යනකොට චුං පාන් කරත්ත මතක් වුණ බව දැන් ඔබතුමා ඇඹුල්දෙනිය හන්දිය යනකොට දෙපැත්ත බලාගෙන යන්න චූන් පාන් කරත්තයක් හොයා ගන්න පුළුවන්ද කියලා .අද ඒකත් කොට උඩ මිනිස්සුන්ගේ ස්වයං රැකියාව ටත් ෂොට් එක දුන්නා. පිටි හිඟය නිසා අද බේකරි වහලා restaurant වහලා ඒවාට අවශ්‍ය ගෑස් නැහැ කිරිපිටි නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා චුන්පාන් කරත්තයටත් කෙලියා.”