ගුරුවරුවන් සහ විදුහල්පතිවරුන්ට ලබා දුන් ගුරු සෙත බැංකු ණය මුදලේ පොලිය ලෙස පැවැති සියයට 9.5ක ප්‍රමාණය මේ වන විට සියයට 15.5ක් දක්වා වැඩි කර ඇති බවත් එය ගුරුවරුන්ට සිදු කරන ලද අසාධාරණයක් බවත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාසල් ග-ුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැනි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන් සඳහා මහජන බැංකුව හරහා ගුරුසෙත බැංකු ණය මුදල සියයට 9.5 පොලියට ලබා දී ඇති අතර 2021 වසරේ මහජන බැංකු වාර්ෂික වාර්තාව අනුව ගණුදෙනුකරුවන් දෙලක්ෂ හැත්තෑපන්දහසකට මේ ණය මුදල ලබා දී තිබේ. එහෙත් එම ණය මුදලේ පොලී අනුපාතිතය 2023 ජනවාරි මස සිට එකවරම 15.5% දක්වා වැඩි කර ඇති බවත් මෙය ණය අවකරණ සීමාව ද ඉක්මවා ගොස් ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.