හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය ලයනල් ප්‍රේමසිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා වෘත්තියෙන් නීතීඥවරයකු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් විය. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වී නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. දේශපාලන මතගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ ඒ මහතා 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. එමෙන් ම කැනඩාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද ඒ මහතා කලක් කටයුතු කර තිබේ.