රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කිරීමත් සමඟ ඇතිවී තිබෙන ව්‍යකුලත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද දිනයේදීත් කතානායකවරයාගෙන් ප්‍රශ්නකරයි.

නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට කෝප් කමිටුවෙන් තමා ඉවත් වීමට තීරණය කර ඇති නමුත් තවමත් ඉවත් නොවී සිටින්නේ තාක්ෂණික හේතුවක් නිසා බවයි.

එතුමා කතානායකවරයාට අද දිනයේදීත් අවධාරණය කරමින් කියා සිටියේ වත්මන් සභාපති රෝහිත අබේගුණවර්ධන වහාම ඉවත් කර කෝප් කමිටුවේ සභාපතිත්වයට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පත්කිරීමට නොහැකිනම්, ආණ්ඩු පක්ෂයේ අවම පිළිගැනීමක් තිබෙන පුද්ගලයකු හෝ කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කරන ලෙසයි.

මින් පෙර කෝප් කමිටුවට පත්කරනුලැබූ කිසිඳු මන්ත්‍රීවරයෙකු එයින් ඉවත් වී නොමැති බවත් මේ වන විට ඉස්මතු වී තිබෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවත් නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.