අඟහරුවාදා කොළඹට ලක්ෂයක්! එන්නේ මොකාටද? යන්නේ කොහේටද? ආණ්ඩුවෙන් තහනම් කරයිද? උසාවි නියෝගයක් ගනීද?
අද පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලියට සහභාගී වීම සදහා මේ වනවිට සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් රටේ සිවු කොනේ සිටම කොළඹට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට බස් 1500කට අධික ප්රමාණයක් කොළඹ බලා ධාවනය වෙමින් පවතින බව දැනගන්නට ඇත.
ඉකුත් වර පැවැති විරෝධතා රැලියේදී පොලිසියෙන් යම් යම් බාධා එල්ල වුවත් මෙවර පොලිසියෙන් ඊට විශාල සහයෝගයක් ලැබී ඇති බවද වාර්තා වේ..