අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ.

සිවිල් යුද්ධයෙන් පසු සම්මත කරන ලද එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයේ වගන්තියක් උපුටා දක්වමින් ට්‍රම්ප් එක්සත් ජනපද රජයට එරෙහිව “කැරැල්ලක” නිරත වූ නිසා ඔහු නැවත ධවල මන්දිරයට තරඟ කිරීමට නුසුදුස්සකු බවට තර්ක කරමින් ඩිමොක්‍රටික් ක්‍රියාකාරීන් විසින් මෙම නඩුව ගෙන එන ලදී.

අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.