“රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සේවයේ සුරක්ෂිතභාවය රැකගනිමු” යන මැයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ටවැල්ල එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අද පස්වරුවේ නාත්තන්ඩිය නගරයේද ක්‍රියාත්මක විය.

නාත්තන්ඩිය සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගේ සංවිධානත්වයෙන් පවතී මෙම පෙත්සම අත්සන් තැබීමේ හා මහජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන අද නාත්තන්ඩිය, මාරවිල රජයේ රෝහල ඉදිරිපිට ක්‍රියාත්මක විය.

පසුගියදා කළුබෝවිල ශික්ෂණ රෝහල අසලින් රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධනය කරනු ලැබූ මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ආරම්භ කල අතර අද දිනයේදී නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති මෙම වැඩසටහනට සමගි ජන බලවේගයේ ක්‍රියාධරයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහබාගී විය.