ආණ්ඩුව හදිසියේ කඩිමුඩියේ අනවශ්‍ය කලබලයෙන් කාබනික කෘෂිකර්මාන්තය යාමෙන් ලාංකාවට ඩොලර් එන තේ කර්මාන්තයත් සුළු අපනයනය කෘෂිකර්මාන්තයත් විනාශ කරමින් රටේ අහාර සුරක්ෂිතවය විනාශ කරමින් සිටින බව තාරක නානායක්කාර මහතා පවසයි .

තවද රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන්නේ චිනය ඉදිරියේ ලාංකාවේ මිනිස්සු දණ ගැසවෙලා අසරණ කරන්න ද යන්න රටට ආදරේ කරන පරාම්පාරවක් විදියට සැකයක් මතුවන බවයි ඔහු කියා සිටින්නේ .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ අද වෙන කොට කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය විනාශ වි ඇති මහා කන්නයට අවශ්‍ය පොහොර නොමැති බවත් ආණ්ඩුව පොහොර සැපයීමට හා බෙදාහැරීම සිදු කරන්න අපොහොසත් වි ඇති බවයි

කෘෂිකර්මාන්ත ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෙරෙහි විශ්වාසයක් තබා ගැනිමට නොහැකි බවයි තාරක නානායක්කාර මහතා පවසන්නේ .

ඔහු මේ අදහස් පළ කළේ අද විපක්ෂය කර්‍යාලයේ දිය.