“නිරුත්තර රටක උත්තරය” යන මැයෙන් අද දිනයේදී පැවැත්වෙන සමගි ජනබලවේගයේ පළමු කුරුණෑගල රැලියේ දි breaking news රැසක් වාර්තා වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

balavegaya WhatsApp Image 2023 01 29 at 12.13.05 copy copy

මෙම රැලිය කුරුණෑගල සත්‍යවාදී පිටියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම රැලියත් සමග සමගි ජන බලවේගය “නිරුත්තර රටක උත්තරය” මැයෙන් පළාත් පාලන මැතිවරණ සටන ආරම්භ කෙරේ.

මේ අතර ආචාර්යවරු මහාචාර්යවරු 25ට අධික පිරිසක් එම වේදිකාවට ගොඩ වීමට නියමිත බව ද එම රැලියේ දි සිදුවීමට නියමිත සුවිශේෂී සිදුවීම් මොනවාද යන්න පිළිබඳව මේ වන විටත් මාධ්‍ය රැසක් දැඩි විමසිල්ලකින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.