රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව පක්ෂයේ ආරංචිමාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරගෙන තිබුණි.

මෙම පත් කිරීමේ විශේෂත්වය වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යෝජනා කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් මෙම ධූරය සඳහා මයන්ත දිසානායක මහතා පත් කිරීමයි. තවද මෙම පත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වුවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඊට නිවැරදි පිළිතුර ලබා දී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.