කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්ත කරුවන්ට ලබා දී තිබෙන ණය සහන කාල සීමාව තවදුරටත් දික් කොට මේ පවත්නා ව්‍යසනකාරී තත්වයෙන් ඔවුන්ට ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය වහාම සලසා දෙන ලෙස ආණ්ඩුවට බලකරන බව බලකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටක් ගොඩනැඟීම උදෙසා විශාල වූ ශක්තියක් සපයන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බව පැවසූ විපක්ෂ නායකතුමා, අද වන විට ඔවුන් පත්ව සිටින තත්වය අතිශය කනගාටුදායක බවද පැවසීය.
මේ මොහොතේ ඔවුන් මුහුණ දී සිටින තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස සහන පැකේජයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විපක්ෂ නායකතුමා එය කඩිනමින් කළ යුතු බවද පැවසීය.
රටේ දළ දළ දේශීය නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලබාදෙන ඔවුන්ව සුරක්ෂිත කිරීම කාගේත් වගකීම බවද ඒ මහතා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ නියෝජිත පිරිසක් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ය.