රටක් කැලෑ නීතියකින් පාලනය කළ නොහැකි බවත් ඒ උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවත් සෙසු සියලු තැන් වලදීත් නොනවතින අරගලයක් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තුළින් ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දිය යුතු බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අද(25) විපක්ෂනායක කාර්යාලයේ පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්,අරගලයට සම්බන්ධ පාර්ශව කිහිපයක නියෝජිතයින්,පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

විශේෂයෙන්ම විසි එක් වෙනි සංශෝධනය ක්‍රියාත්මක කොට සංවරණ හා තුලන ක්‍රමවේදයක් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තම මම ඒකායන පරමාර්ථය බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

එහිදී අරගලයට සම්බන්ධ පාර්ශව කිහිපයකින්ම විපක්ෂ නායකතුමා වෙත යෝජනාවලි ඉදිරිපත් කළ අතර ඒ සියල්ල කෙරෙහි සිය සුවිශේෂි අවධානය යොමු කරන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.